25.7 C
Galle

තෙල් මිල අඩු වැඩි කළ හැටි මෙන්න

Published:

ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 15.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 318.00ක් වෙයි.

ලංකා භූමිතෙල් ලීටරය මිල රුපියල් 50.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 245.00කි.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60.00 කින් අඩුකර ඇති බැවින් එහි නව මිල රුපියල් 270.00ක් වෙයි.

මේ අතර ලංකා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 385.00 ක් දක්වාත්, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340.00ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

ලංකා සුදු ඩීසල් මිල සංශෝධනයක් සිදු නොවන බැවින් එහි මිල ලීටරයක් රුපියල් 310.00ක් ලෙස ම පවතී.

Related articles

Recent articles

error: Content is protected !!