28.3 C
Galle

හදිසියේ ගාල්ලට ආ නැවක සිටි ඉංජිනේරුවරයා මරු දකී

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල වරායට ආ නැවක සිටි ඉංජිනේරුවරයකු මුහුදට වැටී මියගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකි. ඔහු අද (01) උදෑසන මුහුදට වැටුණු අවස්ථාවේ දී කාර්ය මණ්ඩලය විසින් ගොඩට ගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇත.

අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එම නැව ගාල්ල වරායට පැමිණීමට නියමිත නෞකාවක් නොවූව ද අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ කටයුතු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!