28.3 C
Galle

නතාෂාගේ වීඩියෝ ප්‍රචාරය කළැයි “බෲනෝ” රිමාන්ඩ්

Published:

බුද්ධාගමට සහ සංස්කෘතියට අපහාස කළා යැයි චෝදනාවකට රිමාන්ඩ්කර සිටින ජයනි නතාෂා එදිරිසූරියට ආධාර, අනුබල දුන්නා යැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (01) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔහු ඊයේ (31) අත්අඩංගුවට ගනු ලැබීය.

“මෝඩාභිමානය” නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ජයනි නතාෂා එදිරිසූරිය විසින් කරන ලද ප්‍රකාශයක් අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!