27.7 C
Galle

පෙරපාසල් පාලිකාවගේ සැමියා දැරියකට අතවර කළැයි පිරිසක් උද්ඝෝෂණයේ

Published:

පෙරපාසල් දැරියක අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්කළ පුද්ගලයකුට එරෙහීව උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පිරිසක් අද (02) වරකාපොළ තුල්හිරියේ දී උද්ඝෝෂණයක නිරත වූහ.

වරකාපොළ, නාංගල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට පැමිණෙන දැරියකට එහී පාළකවරියගේ සැමියා විසින් අතවර කර ඇතැයි යන චෝදනාව යටතේ වරකාපොළ පොලිසිය එම තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.

මෙම සිද්ධිය දැනගත් ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!