28 C
Galle

ඇවන්ගාර්ඩ්, ආරක්ෂක අමාත්‍යාංශයේ ගිනි අවි යළි බාර දී නෑ. කෝටි 80ක පොල්ලක්

Published:

ඇවන්ගාර්ඩ් සමාගම බාරයේ තිබූ ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 103ක් සහ පතොරම් 28,789ක් නැවත බාර දී නැතැයි ද රුපියල් කෝටි 80ක මුදලක් අරය‍කරගෙන නැතැයි ද ජාතික විගණන දෙපාර්තමේන්තුව පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ලංකා ආරක්ෂක සමාගම විසින් ඇවන්ගාර්ඩ් සමාගමට මෙම ගිනි අවි බාර දී තිබුණේ ගිවිසුමක් යටතේ ය. එය 2011 වරෂයේ දී ලබා දී ඇති අතර මෙතෙක් එ්වා නැවත බාර දී නැත.

රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වන දිනෙන් අවසන්වී ඇති බැවින් එම අවි ආයුධ නැවත බාරදිය යුතුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් පෙන්වා දෙයි.

රංගල සහ ගාල්ල පාවෙන අවි ගබඩාවලින් ලැබිය යුතු රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වසර 07කට වැඩි කාලයක් තිස්සේ අය කරගෙන නැතැයි ද විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!