27.7 C
Galle

මැතිවරණ කොමිසම, රජයේ චක්‍රලේඛයකට විරෝධය දක්වයි

Published:

පළාත් පාලන ආයතන අධීක්ෂණයට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ගේ විශේෂ නියෝජිතයකු පත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විරෝධය දක්වා ඇත. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසන්නේ මේ සම්බන්ධ කොමිසමේ විරෝධය ලිඛිතව දැනුම් දෙන බවයි. මෙලෙස කටයුතු කිරීමෙන් පළාත් පාලන ආයතනවල කටයුතු දේශපාලනීකරණයට ලක්වන බව හෙතෙම කියා සිටියේය.

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පසුගියදා  චක්‍රලේඛයක් නිකුත් කළේය.

Related articles

spot_img
error: Content is protected !!