29.4 C
Galle

සමූපකාර රක්ෂණයේ නව සභාපතිට වෙඩි තබයි

Published:

සමූපකාර රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමට යමින් සිටි දර්ශන සමරවික්‍රමට කිසියම් අයකු විසින් අද (05) උදෑසනට 7.30ට පමණ වෙඩි තබා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

අතකට තුවාල සිදුව ඇති ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

නව සභාපතිවරයා සිය නිවසේ සිට පැමිණ වල්පිට ගැමුණු මාවතට පිවිසෙද්දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

දර්ශන සමරවික්‍රම මීට පෙර සමූපකාර රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සභාපතිධූරයට පත්වීමෙන් පසු බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී අද (05) වැඩ බාරගැනීමට නියිමතව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!