27.7 C
Galle

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩිකාවෝ, කොරියාවේ දී පදක්කම් දෙකක් දිනති

Published:

දකුණු කොරියාවේ, යෙචියොන් හි දී ඊයේ (04) ආරම්භ වූ 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකාව මීටර 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.

මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ 20 වැනි වතාවටය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්හාරා කරුණාරත්න (19) තත්පර 53.70ක දී තරඟය නිමකරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර තත්පර 55.51ක දී තරඟය නිමකළ ජයෙෂි උත්තරා (19) ලෝකඩ පදක්කම දිනාගත්තාය.

මෙම තරඟයේ රන් පදක්කම දිනාගන්නා ලද්දේ තවමත් 15 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ක්‍රිඩිකා හිනා මලික් රෙසෝනා විසිනි. ඇය තරඟය තත්පර 53.31ක දී නිම කළාය.

Related articles

spot_img
error: Content is protected !!