27.7 C
Galle

දෙණියාය නගරයේ මදුරු තවාන්

Published:

දෙණියාය නගරයේ ඉදිකර ඇති සතිපොළ භූමිය ඩෙංගු ඇතුළු මදුරුවන්ගේ නිජ භූමියක් බව Online Deniyaya පෙන්වා දෙයි.

පොසොන් පොහොය නිමිත්තෙන් සතිපොළ භූමියේ පැවැති දන්සැළ අවසන්වීමෙන් පසු අද (05) එම භූමිය පිරිසිදු කිරීමට ගිය සංවිධායක තරුණ කැළ මෙහි මදුරු තවාන් දැක ඒවා පවිත්‍ර කර තිබේ.

සතිපොළ භූමියේ පසෙක ඇති ජල කරාම සඳහා ටැංකි කරාම ඉදිකර ඇත්තේ එළවළු සොදා පිරිසිදු කිරීමට හැකි ආකාරයෙනි. එම ටැංකිවල පතුලේ දැලක් සවිකර ඇති අතර දැලට පහළින් ජලය එක්රැස්වී තිබේ. මෙලෙස එකතු වී තිබෙන ජලයේ මදුරු කීටයන් විශාල වශයෙන් දක්නට ලැබුණු බව එහි ගිය Online Deniyaya පවත්වාගෙන යන ඉසුරු කෞෂල්‍ය කුලතුංග පෙන්වාදුන්නේය.

එලෙස මදුරුවන් බෝවන ස්ථාන සියල්ල පිරිසිදු කිරීමට පෝදා දන්සැල සංවිධානය කළ තරුණයෝ අද පියවර ගත්හ.

Related articles

spot_img
error: Content is protected !!