27.4 C
Galle

භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු, උසාවියට කැඳවා සිතාසි යවයි

Published:

ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (05) අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිිධම්මට සිතාසි නිකුත් කළේය.

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා ‍මෙම සිතාසි නිකුත් කරන ලද්දේ ලබන 23 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රිමාන්ඩ් කර සිටිය දී නීතිපති උපදෙස් අනුව ඇප ලබාදුන් ගල්වැව සිරිධම්ම මාස දෙකකට වරක් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටිය යුතු බවට ඇප කොන්දේසිකයට යටත් කර තිබිණි. නමුත් නියමිත පරිදි පසුගිය 20 වැනි දා එම‍ කොට්ඨාසයේ පෙනී නොසිටි බැවින් මෙවැනි නියෝගයක් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!