29.4 C
Galle

තවත් සුළි කුණාටුවක පෙරනිමිති ?

Published:

ශ්‍රී ලංකාවේ බටහිර දෙසින් ඇතිවිය හැකි සුළි කුණාටුවක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අද (06) සවස 2.30ට එම නිවේදනය නිකුත් කර ඇත. අරාබි මුහුදේ ගිනිකොණදිග ප්‍රදේශයේ මේ වනවිට පීඩන අවපාතයක් හටගෙන ඇති අතර ඉදිරි පැය 24 දී එම අවපාතය වයඹ දෙසට ගමන්කරමින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සුළි කුණාටුවක්දක්වා වර්ධනය වනු ඇතැයි ද කාලගුණ අංශ අනතුරු අඟවයි

ඒ අනුව මුහුදේ සුළං වේගය පැයට කිලෝ මීටර 60-70ත් අතර සිට පැයට කිලෝ මීටර 75-80ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව ද කාලගුණ වාර්තාවේ දක්වා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!