28.9 C
Galle

හේලීස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ හේලීස් සමාගම කොටස් මිලියන 1.2ක් ගනුදෙනු වූ අතර රුපියල් මිලියන 274ක වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,570ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1335ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 32ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,056ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම මිලියන 274
  • කොමර්ෂල් බැංකුව මිලියන 189
  • සිංගර් ශ්‍රී ලංකා සමාගම මිලියන 69

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 04
  • බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් සමාගම කොටස් මිලියන 02
  • එල් ඕ එල් සී සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් සමාගම 10%
  • ඔනලි හෝල්ඩිංස් සමාගම 08%
  • ලාෆ්ස් ගෑස් එක්ස් සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 422
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 338
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 334

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 21 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 27ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 06ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 15
  • බ්‍රවුන්ස් ඉන්ටෙවස්මන්ට් රුපියල් මිලියන 02
  • කිංස්බරි සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 15
  • සී අයි සී සමාගම රුපියල් මිලියන 08
  • විදු ලංකා සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!