28.3 C
Galle

සභා ලේකම් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

Published:

චෙක්පතක් නිකුත්කිරීම සඳහා රුපියල් 50,000.00ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි සැකපිට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්, සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අද (07) උදෑසන ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.

කොරෝනා කාලයේ දී පොළ බදු ලෙස අයකරගෙන තිබූ රුපියල් ලක්ෂ 24කට වැඩි මුදලකට අදාල චෙක්පත නිකුත් කිරීම සඳහා සභා ලේකම්වරයා අල්ලස් ලබාගෙන ඇති බව පැවසේ.

සැකකරු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!