28.3 C
Galle

තරුණියන් දෙදෙනකුට දිවි අහිමි වෙයි

Published:

කිරින්දේ දී මුහුද රළට හසුව ගසාගෙන ගිය තරුණියන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කිරින්ද විහාරය ආසන්න මුහුදේ අද (09) උදෑසන දිය නාමින් සිටි තරුණියන් දෙදෙනකු මෙලස මියගොස් ඇත.

මුහුදු රළ පහරට හසුව තරුණියන් තිදෙනකු සහ තරුණයකු ගසාගෙන යද්දී එතැන සිටි තවත් පිරිසක් විසින් එක් තරුණියක හා තරුණයා බේරාගැනීමට සමත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන බිබිළ ප්‍රදේශයේ තරුණියන් දෙදෙනෙකි. ඔවුන් විනෝද චාරිකාවක් පැමිණ සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!