28.9 C
Galle

ටියුෂන් පන්තියේ විනෝද චරිකාව අතරතුර පාසල් සිසුවකු මරුට

Published:

කුරුණෑගල සිට ගාල්ලට ගොස්, තල්පේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙකි. කුරුණෑගල උපකාරක පන්තියක් විසින් සංවිධානය කළ විනෝද චාරිකාවක සහභාගී වූ සිසුන් අතරන් හය දෙනකු මුහුදේ ගසාගෙන යද්දී ඉන් පස්දෙනකු බේරාගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇත.

පොලිසිය පවසන්නේ මෙම ගමනට සිසු සිසුවියන් 42 දෙනකු සහභාගී වී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!