28.9 C
Galle

සූර් වී, ගුටිකෙළියට ගිය සුරාබදු නිලධාරීන්ට තහංචි දමයි

Published:

අධික ලෙස බීමත්ව, කොළඹ One Galleface සුපිරි සාප්පු සංකීර්ණයේ පිහිටි Pizza Hut වෙත පැමිණ එහි සේවකයකුට පහර දී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්කිරීමට තීරණය කර ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කීවේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණයකින් අනතුරුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ  නියෝගය පරිදි මේ තීරණය ගෙන තිබේ.  

සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලීසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබිණි. එම විමර්ශනයෙන් අනාවරණය වන තොරතුරුවලට අනුව අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!