28.9 C
Galle

දේව විශ්වාසයට මුල්තැන. අධ්‍යාපනය දෙවැනි තැනට දමා පාසල් වසා දමයි

Published:

කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් තතරගම පාසල් තුනක් ජුනි 19 වැනි දා සිට ජූලි 03 වැනි දා දක්වා වසා දැමීමට තීරණය කළ බව තණමල්විල කලාප අධ්‍යාපන අධයක්ෂ බුද්ධික කරුණාදාස පවසයි.

19 වැනි දා ආරම්භවන කතරගම පෙරහැර මංගල්‍යය ජූලි මස 03 වැනි දින රාත්‍රියේ මහ පෙරහැර පවත්වා අනතුරුව පසුදින දිය කැපීමෙන් අවසන් වෙයි.

පෙරහැර විශේෂ රාජකාරී සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට ඇතුළු පුද්ගලයන්ට නවාතැන් සැපයීම සඳහා වසා තැබෙන බව අධ්‍යක්ෂ වරයා පවසයි. කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල  සහ දෙටගමුව විදුහල මෙලෙස වසා දැමීමට නිියමිතය.

හින්දු දේව විශ්වාසයන්හි එන ස්කන්ධකුමාර දෙවියන් වෙනුවෙන් කැප වූ දේවාලයක් කතරගම ප්‍රදේශයේ පිහිටා ඇති අතර මේ එම දේව විශ්වාසයන්ට අනුව කතරගම පෙ‍රහැර පැවැත්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!