28.9 C
Galle

එකම පවුලේ තිදෙනකු, අනතුරකින් මරු දකී

Published:

ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.

අද (12) උදෑසන තුල්හිරිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත. අඹේපුස්ස සිට අලව්ව දෙසට ත්‍රී රෝද රථය ධාවනය කර මින් තිබී ඇති අතර ටිර් රථය ප්‍රතිවිරුද්ධ දෙසට පැමිණ තිබේ.

පොලිසිය පවසන්නේ ත්‍රී රෝද රථයේ රියදුරුට නින්ද යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි පියා (40) මව (39) සහ පුතා (13) යන තිදෙනෙකි. ගාල්ලේ පැවති අවමංගල්‍යයකට සහභාගී වී ආපසු සිය නිවසට පැමිණෙමින් සිටිය දී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මියගිය තිදෙනාගේ සිරුරු වරකාපොළ රෝහලට ගෙනගොස් ඇති අතර අද (12) සවස හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!