29.4 C
Galle

“පාන්” සම්බන්ධ නීති අහෝසි කරන්න යයි

Published:

පාන් විකිණීම සම්බන්ධයෙන් නීතිමය රෙගුලාසි ඇතුළත් 1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කරදැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෙළෙඳ හා වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට නියමිතය.

දැනට පවතින පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමඟ ගැටලු ඇතිවන අවස්ථා වාර්තාවන බැවින් මෙම පැරණි පනත අවලංගු කිරීමට තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!