29.4 C
Galle

පාසලේ සංවර්ධන නිලධාරිනිය, නිවසට යන අතරතුර ඝාතනය කරයි

Published:

තමන් සේවය කරන පාසලේ සිට නිවස බලා යමින් සිටි සංවර්ධන නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි.

අද (14) දහවල් මෙලෙස ඝාතනය කර ඇත්තේ ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශ‍යේ පදිංචිව සිටි 29 හැවිරිදි සිතාරි මධුමාලි නමැති තරුණියකි. ඇය දම්පහළ මහා විද්‍යාලයේ සේවය කර ඇත.

පාසල නිම වී නිවසට යමින් සිටි ඇය ඝාතනය කර ඇත්තේ ඇගේ පෙම්වතා බව කියන 33 හැවිරිදි අයකු විසින් යැයි පොලිසිය සැකකරයි. මෙම ඝාතනය සිදුවූ ස්ථානයේ ගසකට නැග සැකකරු සියදිවි නසාගැනීමට උත්සාහ ගත් බව ද ඌරුබොක්ක පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්කේ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!