29.4 C
Galle

හොර පාරේ ළමයි ගත්තැයි, විදුහල්පතිනියට ස්ථාන මාරුවක්

Published:

කූඨ ලේඛන සාදා පාසලට ළමයින් 29 ඇතුළත් කරගත් බව කියන සිද්ධියක් හේතුවෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයට ඊයේ (14) සිට මාරුකර ඇතැයි වාර්තා වේ.

පී.ආර්.සී.කේ.රණසිංහ නමැති විදුහල්පතිනියට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදුකර ඒ අනුව මෙම මාරුවීම කර ඇත.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්ගෙන් මේ පිළිබඳ විමසීමේ දී හෙතෙම කියා සිටියේ කූඨ ලේඛන සාදා අතරමැදි පන්තිවලට සිසුවියන් ඇතුළත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරපීක්ෂණ පැවැත්වූ කමිටුවේ නිර්දේශ මත මෙම මාරුවීම සිදුකළ බවයි.

කූඨ ලේඛන සාදා පාසලට ඇතුළත් කරගත් බව පවසන දරුවන් 29 දෙනා අතරින් 05 දෙනකුගේ දෙමාපියන්ගෙන් පොලිසිය ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!