29.4 C
Galle

මහා නා හිමිට වඩින්න වෙන රථයක් ඉල්ලයි. ඇමතිගේ රථය අවභාවිතා කරලා

Published:

රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමියන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇති රථයට ඉන්ධන නොදීම හේතුවෙන් එය ආපසු බාර දීමට කටයුතු කරන බැවින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සිය නිල රථය නා හිමියන්ට බාර දී ඇතැයි වාර්තා‍ වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් KU 1788 අංක දරණ රථයක් මහා නායක හිමියන්ට ලබා දී තිබුණු බවත් එම රථයට ඉන්ධන ලබාදීම නතර කර ඇති බැවින් ඒ වෙනුවට වෙන රථයක් ලබාදෙන ලෙස රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන හිමි  ජනාධිපති ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම ලිපියේ සඳහන්කර ඇත්තේ නාහිමියන්ට නිල කටයුතු සඳහා ස්ථිර වාහනයක් නොමැති බැවින් පසුගිය කාලයේ විටින් විට වාහන කිහිපයක් මාරුකිරීමට සිදුව ඇති බවයි. එමෙන්ම දැනට ලබා දී ඇති රථයට නිර්දේශ කර ඇත්තේ ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් වීමෙන් ද ගැටලුවක් පැන නැගී ඇති බව ද දක්වා තිබේ. ඒ නිසා වාහනය දැන් මාස කිහිපයක සිට භාවිතා නොකරන බවත් මහා නා හිමියන්ට සුදුසු වෙනත් රථයක් ස්ථිරව ලබාදෙන ලෙසත් එම ලිපිය මගින් ලේඛකාධිකාරී හිමි ඉල්ලීමක් කර ඇත.

මෙම ගැටලුව නිසා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට අමාත්‍යාංශයෙන් ලැබුණු නිල රථය නා හිමියන්ට බාර දී ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!