29.4 C
Galle

රත්ගම, ප්‍රාදේශීය මහජන නිය‍ෝජියකුට වෙඩි තබයි

Published:

හික්කඩුව, සීනිගම දේවාලය ආසන්නයේ දී අද (17) උදෑසන රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජිතයකුට වෙඩි තබා ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.

සීනිගම දේවාලය අසළ  කැබ් රථයේ සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගයන් දෙදෙනකු මෙලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු වෙඩි ප්‍රහාර මධ්‍යයේ හික්කඩුව පොලිසියට කැබ් රථයෙන් ගොස් තිබේ. හික්කඩුව පොලිසියේ නිලධාරීන් විසින් ඔහු රෝහල්ගත කර ඇත.

වෙඩිවැදී ඇති රත්මගම ප්‍රාදේශීය සභාවේ හිටපු මහජන නියෝජිතයකු වන දුලාජ් සංජීව නමැති සමගි ජන බලවේගය නියෝජනය කරන අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.

Related articles

spot_img
error: Content is protected !!