29.4 C
Galle

කට්ටඩියා‍ගේ තැඹිලි පෙවිල්ලෙන් පසු, කාන්තාවක් මරුට

Published:

තොවිලයක් පැවැත්වූ කට්ටඩියකු විසින් කාන්තාවකට පසුගිය 16 වැනි දා රාත්‍රී තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පෙවීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ ලග්ගල, දාස්ගිරිය, හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සැමියා මැණික් පතල් හිමි ව්‍යාපාරිකයෙකි.

තම බිරිඳ රෝගී තත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම ශාන්තිකර්මය සංවිධානය කර ඇති අතර දරුඵල අපේක්ෂාවෙන් සිටි යුවළක් සඳහාද එම මොහොතේම ශාන්තිකර්මය පවත්වා තිබේ.

කට්ටඩියා ලෙස කටයුතු කර ඇත්තේ ව්‍යාපාරිකයාගේ ම මැණික් පතලක සේවය කරන 25 හැවිරිදි තරුණයෙකි. ‍ඔහු විසින් මෙම කාන්තාවන් දෙදෙනාට සහ පිරිමි පුද්ගලයාට 16 වැනි දා රාත්‍රියේ එක් අයකුට තැඹිලි ගෙඩි 21ක් බැගින් ගෙඩි 63ක් පොවා තිබේ. මියගිය කාන්තාව තැඹිලි ගෙඩි බී රෝගී වූ පසු ඇයට කහදියර ද පොවා ඇති බව අනාවරණය වී ඇත.

රෝගී වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහි දී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම මරණයට සැකපිට කට්ටඩියා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල දිස්ත්‍රික් රෝහලේදී  අද (18) සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!