29.4 C
Galle

ඇමතිවරයකුගේ නිවසකට ප්‍රහාරයක්

Published:

කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ නිවසට ඊයේ (18) රාත්‍රී කිසියම් පිරිසක් විසින් අලාභහානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ කැලණිය, සරත්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 10.50ට පමණ ප්‍රහාරය එලල් වී ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ නාදුනන පිරිසක් විසින් තම නිවසේ දොර ජනෙල්වලට හානි සිදුකර ඇති බවකි. එම අවස්ථාවේ අමාත්‍යවරයා නිවසේ නොසිටි බවත්, ඔහු අද උදෑසන නිවසට පැමිණි බවත් සඳහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!