27.2 C
Galle

ශ්‍රී ලංකා – ඕමාන ඉතිහාසයේ පළමු තරඟය අද

Published:

ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (23) ශ්‍රී ලංකාව හා ඕමානය අතර එක්දින ජාත්‍යන්තර තරඟයක් පැවැත්වෙයි. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ බී කාණ්ඩය යටතේ මෙම තරඟය අද සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝහි කුවීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාපිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිත.

ඕමාන කණ්ඩායම මෙම තරඟවාලියේ සහභාගී වූ තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර එක් තරඟයකට පමණක් සහභාගී වූ ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ඕමාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන දුලිප් මෙන්ඩිස් ය.

අද තරඟයට දුෂ්මන්ත චමීර කැඳවීමට ඉඩ ඇති බව ද වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!