27.2 C
Galle

ජීවිත සමඟ සෙල්ලම් කරන අධිවේගී බස්. නීතියක් නැති ද ?

Published:

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් නංවා ගතයුතුයැයී නීතියක් තිබුණ ද මාකුඹුරේ සිට ගාල්ල දක්වා ඊයේ (22) රාත්‍රී ධාවනය වූ මේ බස් රථයට එම නීති වලංගු වූයේ නැත.

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයා පවා ඔහුට නියමිත අසුනේ වාඩිවී සිටිය යුතු අතර මෙම බස් රථය නීති විරෝධී ලෙස තවත් මගීන් 20ක පමණ පරිසක් වැඩිපුර නංවාගෙන මාකුඹුර අන්තර් හවුමාරු මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළේ රාත්‍රී 8.05ට ය.

බස් රථයේ ඩී.එස්.ගුණසේකර පීටීඑස් පුද්ගලික සමාගමට අයත් මේ බස්රථයේ අංකය NC 8301 ලෙස දැකිය හැකිවිය

බස් රථය කොට්ටාව හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරද්දී එහි ඇතුළත සියලු විදුලි පහන් නිවා දැමූ අතර පින්නදූවෙන් පිටතට ගනිද්දී ද ඒ ආකාරයෙන් ම සියලු විදුලිපහන් නිවා දැමිණි.

අප සතුව මේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් සාක්ෂි තිබේ.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන බස් රථ රියදුරුන්, කොන්දොස්තරවරුන් සහ හිමිකරුවන් පිළිබඳ නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඔවුන් මේ අනතුරේ දමා ඇත්තේ ජනතාවගේ ජීවිතය.

Related articles

spot_img
error: Content is protected !!