27.2 C
Galle

පොලිස් වෙඩිල්ලෙන් තුවාල ලැබූ අයෙක් රෝහලේ

Published:

පොලිසිය තැබූ වෙඩි පහරකින් තුවාල ලැබූ පුද්ගලයකු ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එලෙස තුවාල ලබා ඇත්තේ ඌරගස්මංහන්දිය, කලුවලගොඩ පදිංචි අයෙකි. ඔහු යුද හමුදාවේ සිටි දැනට සේවයෙන් ඉවත්ව ඇති අයකු බව ද පොලිසිය සඳහන් කරයි. තුවාල ලබා ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ දී ඔහු තියුණු ආයුධයකින් පොලිසියට පහරදීමට උත්සාහ ගත් බැවින් දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බවයි. තුවාල ලබා ඇති සැකකරු වෙනත් පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගත් බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!