27.2 C
Galle

සියලු පාසල්, කෝටිපතියන්ට බාරදීමේ සැළැස්මක් ?

Published:

තමන් මෙරට ජනාධිපතිවරයා‍ බවට පත්කරන ලෙසත් එවිට රටපුරා පිහිටි පාසල් 10,155ක් ලෝකයේ සිටින ශ්‍රී ලාංකීය කෝටිපතියන් 10,155 දෙනකුට බාර දී කැපකරු මාපිය ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ සහිරා විද්‍යාලයේ දී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස‍ පදනම මගින් සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

තමන් ජනාධිපතිධූරයට පත්කළොත් රට හදා පෙන්වන බවත් සෑම කෝටිපතියකුට ම පාසලක වගකීම බාරදීමට තමන් කටයතුු කරන බව ද වැඩිදුරටත් කීවේය.

තමන් ජනාධිපති වුවහොත් බෞද්ධ විහාරස්ථාන 10,000ක් අලුතෙන් ඉදිකරන බව ද විපක්ෂ නායකවරයා පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!