29.9 C
Galle

කොදෙව්වන් පරදා සිම්බාබ්වේ ජය ගනී

Published:

කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35ක ජයග්‍රහණයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒ ඊයේ (24) දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබිමේ තරඟවල ඒ කාණ්ඩය යටතේ පැවති තරඟයක දී ය.

බටහිර ඉන්දීය කොදෙව් නායකයා කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පන්දයැවීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 268 කි. සිකන්දර් රාසා ලකුණු 68ක් රැස්කළ අතර රයාන් ‍බර්ල් ලකුණු 50ක් රැස්කිරීමට සමත්වූයේය.

කොදෙව් කණ්ඩායමට පන්දුවාර 44.4ක දී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 233ක් පමණි.

Related articles

spot_img
error: Content is protected !!