29.9 C
Galle

ජල ස්කූටරයෙන් විනෝද වූ ව්‍යාපාරිකයා අතුරුදන්

Published:

දියමත ධාවනය කළ හැකි යතුරුපැදියකින් බොල්ගොඩ ග‍ඟේ විනෝද වෙමින් සිටි ව්‍යාපාරිකයකු ගඟට වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ දිග්ගල, ශ්‍රියා මාවත පදිංචි හෙෂාන් විතානගේ නමැති 40 හැවිරිදි පුද්ගල‍යෙකි. ගඟ හරහා ඇද තිබූ කඹයක පැටලී ඔහු ගඟට වැටී ඇතැයි පාවසේ. අතුරුදන් වූ තැනැත්තා මළු ව්‍යාපාරිකයෙකි. ඔහු බෝට්ටු දෙකක් සහ දිය මත පදින යතුරුපැදි දෙකක් යොදාගනිමින් සෑම සතියක ම දින කිහිපයක් මෙලෙස විනෝදවීම පුරුද්දක් කරගෙන සිටි අයකු බව ද පොලිසිය සඳහන් කළේය.

ඔහුගේ සිරුර සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. පානදුර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!