28.7 C
Galle

මත්පැන් පානය කරමින් සිටි සිසු සිසුවියන් අත්අඩංගුවට

Published:

පාළු නිවසකට වී මත්පැන් පානය කරමින් සිටි පාසල් සිසුවියන් තිදෙනකු සහ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර, පන්නල්ගම සහ බක්මිටියාව ගම්මානවල පදිංචි 18 වැනි වියේ පසුවන අය බව අනාවරණය වී තිබේ.

පොලිසිය පවසන්නේ ඔවුන්, උපකාරක පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පැමිණ පන්ති මඟහැර මෙලස මත්පැන් පානය කර ඇති බවයි. පොලිස් හදිසි ඇමතුම් සේවයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

එම පාසල් සිසුන් පිරිස අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඉදිරිපත් වාර්තාවක් ලබාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා බීමත්ව සිට ඇතැයි එයින් තහවරු වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!