29.9 C
Galle

ඩොලර් මිලියන 500ක් ගැනීමට ඇමතිවරු තීරණය කරයි

Published:

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවකට එළැඹීමටත්, එම එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබෙන විශාලතම මුල්‍ය සහාය මෙය වේ.

ඩොලර් මිලියන 500ක ණය මුදල ලැබීමෙන් පසු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂ වැඩසටහන සඳහා ලැබීමට නියමිතය. ලෝක බැංකුව මෙම මුදල් බාදීම අනුමත කර ඇතැයි ද පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!