29.4 C
Galle

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මුදල් කාරක සභාවේ දී අනුමත වෙයි

Published:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා වූ යෝජනාව සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (30) හිමිව තිබේ.

අද දෙවැනි දිනයටත් එම යෝජනා සාකච්ඡාවට ගෙන තිබිණි. පළමු දිනයේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර දෙවැනි දිනයේ දී බැංකු සහ මූල්‍ය ආයතන හිමියන්ද සාකච්ඡාවට එක්විය.

මෙම යෝජනාව කාරක සභාවේ දී අනුමැතිය ලබාදෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ දී ඇතැම් මන්ත්‍රීවරු ඊට විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්වක්  ඇති වුව ද බහුතර මන්ත්‍රීවරු පිරිසක් අනුමැතිය ලබාදී ඇත.

Related articles

spot_img
error: Content is protected !!