29.4 C
Galle

තෙල් මිල අඩු වැඩි වෙයි

Published:

ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10.00කින් ඉහළ දමා ඇත. එහි නව මිල ලීටරයක් රුපියල් 328.00කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365.00ක් බවට පත්ව ඇත.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6.00කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 346.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින් පහළ දැමීම නිසා එහි නව මිල රුපියල් 308.00ක් බවට පත්ව ඇත.

භූමිතෙල් ලීටරයක් රුපියල් 9.00කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236.00කි.

Related articles

spot_img
error: Content is protected !!