29.4 C
Galle

ශ්‍රී ලංකන් සේවකයන් 6,000ක් අවදානමක ?

Published:

ශ්‍රී ලංකන් ගුවන් සේව‍ය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මන් නොකරන්නේ නම් සේවක සේවිකාවන් 6,000ක පරිසකගේ රැකියාව අවදානම් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබන බැවින් එය පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත්ව ඇති බවත් තවදුරටත් නත්තු කිරීමට ජනතා බදු මුදල් යෙදවීම අසාධාරණ බවත් හෙතෙම කියා සිටියේය.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල කටයුතු සිදුකරමින් පවතින බවයි.

Related articles

spot_img
error: Content is protected !!