26.8 C
Galle

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වෙයි

Published:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී අද (01) සවස වැඩි ඡන්ද 60කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62කි.  

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් වැඩිදෙනකු යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම යෝජනාව පිළිබඳ විවාදය උදේ 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්විණ.

මේ අතර අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන් බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධයක නිරතවීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවිය.

Related articles

spot_img
error: Content is protected !!