28.9 C
Galle

දරුවන් දෙදෙනෙක් දියට බිලිවෙති

Published:

දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ශ්‍රී පුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පදවිය, ශ්‍රී පුර, යාය 12, තිස්සපුර ප්‍රෙද්ශයේ පදිංචි එම්.ආර්.සිතුමි ලක්ෂිත (12) සහ පී.බී.ධනුක ධනංජය (14) නමැති පාසල් සිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එකම ගමේ අසල්වැසි නිවාස දෙකක පදිංචිව සිටි අය බව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා පදවිය, පරාක්‍රමබාහු මහා විද්‍යාලයේ 06 වසර සහ 09 වසරවල ඉගෙනුම ලබමින් සිට ඇත. ඔවුන් සමඟ තවත් පිරිමි ළමයින් පිරිසක් දිය නාමින් සිටිය දී මොවුන් දෙදෙනා ම දියේ නොපෙනී ගොස් ඇත. යළි නිවෙස්වෙත ගිය අනෙක් ළමුන් සිය දෙමාපියන්ට පවසා ඇත්තේ අපිව බය කරන්න අයියලා දෙන්නා වතුර යට හැංගිලා ඇති අපි ආවා“ යනුවෙනි.

ඒ සමඟම කලබලයට පත් ගම්වැසිය්න මෙම දරුවන් දෙදෙනා ගැන සොයා බලද්දී ඔවුන් දිය නෑ ස්ථානයේ ජලය යට ගිලී තිබුණු මළ සිරුරු දෙක සොයාගෙන ඇත. ඔවුන් දෙදෙනා පදවිය රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!