26.8 C
Galle

මුණුපුරා බේරාගැනීමට ගොස් සීයාත් මුණුපුරාත් දියට බිලිවෙති

Published:

නොරොච්චෝ‍ල, ඉලන්තිඩිය, කසකැලේ ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය සීයා සහ මුණුපුරා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මදුරන්කුලිය, කරිකට්ටිය පදිංචි මොහොමඩ් සයිඩ් කච්චමොහොමදු නමැති 60 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ මුණුපුරා වන මොහොමඩ් සහීර් ඛාන් නමැති 21 හැවිරිදි තරුණයෙකි.

හජ්ජි උත්සවය වෙනුවෙන් ඥාතීන් සමඟ වෙරළට පැමිණි අවස්ථාවක දී සිය දරු මුණුපුරන්ගේ ඉල්ලීමට දිය නෑමට අවස්ථාව සළසා දී ඇත්තේ සීයා විසිනි. මුණුපුරන් තිදෙනකු එකවර දිය වැළකට හසුවී ගසාගෙන යනු දුටු සීයා මුහුදට පීනා ගොස් ඔවුන් දෙදෙනකු බේරාගෙන අනෙක් මුණුපුරා බේරාගැනීමට යාමේ දී අනතුරට පත්ව ඇත.

සීයාත් මුණුපුරාත් දෙදෙනාම දිය වැළකට හසු වී නොපෙනී ගිය බව ප්‍රදේශවාසීන් පවසයි. සීයාගේ මළ සිරුර ප්‍රදේශවාසින් විසින් ගොඩට ගෙන තිබූ අර මුණුපුරාගේ සිරුර ඊයේ (02) රාත්‍රී මුහුදේ පාවෙමින් තිබිය දී ධීවරයන් දෙදෙනකු විසින් ගොඩබිමට රැගෙන විති තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!