28.5 C
Galle

දේව පූජාවට මල් කැඩූ, පියා දෙස දෙවියෝ නොබලති

Published:

දේව පූජාවක් වෙනුවෙන් නෙළුම් මල් නෙලීමට ගිය එක්දරු පියෙක් දියේ ගිලී මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නවගත්තේගම, කොන්කඩවල පදිංචිව සිටි ටී.එම්.සිරිසේන නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ 25 හැවිරිදි පුතාට, පැවැත්වීමට නියමිත පූජාවක් සඳහා ඔහු මෙලෙස නෙළුම් මල් කැඩිමට කොන්කඩවල වැවට ගිය අවස්ථාවේ මඩේ එරී ජලයේ ගිලී ඇතැයි පොලිසිය පවසයි.

පාපැදියකින් වැව අසළ නිවසකට පැමිණ, පාපැදිය එහි තබා වැවෙන් මල් කඩාගන්නා බව පවසා වැව දෙසට ගිය පුද්ගලයා ඊයේ (02) සවස් වනතුරු නොපැමිණීම නිසා සොයා බැලීමේ දී මළ සිරුර හමු වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!