25.5 C
Galle

පෙම්වතා පැහැරගත්, හමුදා සාමාජිකාවක් අත්අඩංගුවට

Published:

විවාහය ප්‍රතික්ෂේප කළා යැයි උරණ වූ පෙම්වතාව පැහැරගෙන ගිය පෙම්වතියක් ඇතුළු සිව්දෙනකු අද (05) අලුයම අත්අඩංගුවට ගත් බව‍ෙ පාලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි හතර දෙනෙකි.

හමුදා සාමාජිකාවක විසින් මෙලෙස ඇගේ පෙම්වතා පැහරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. එම තරුණිය පුද්ගලික අංශයක සේවයේ නිරත තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති බවත් විවාහවීම ප්‍රති‍ක්ෂේප කළ බැවින් ඇය තවත් පිරිසක් සමඟ එක්ව ඊයේ (04) පෙම්වතාව පැහැරගෙන ගොස් පාලු නිවසක රඳවා තබාගෙන පසුව මුදාහැර ඇතැයි පැහැරගැනීමට ලක් වූ තරුණයා සහ ඔහුගේ මව විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙම පැමිණිල්ලට අනුව සැකකාකර තරුණිය ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි බව කියන ත්‍රීරෝද රථය සහ රියදුරා අත්අඩංගුවට ගැනීමට සොයන බව ද පොලිසිය කියයි.

සැකකරුවන් අද (05) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!