27.8 C
Galle

රැවටෙන්න එපා. සැහැල්ලු දුම්රි‍ය ගැන ජපානයෙන් ප්‍රතිචාරයක් මෙතෙක් නෑ

Published:

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී අතරමග නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත සක්‍රිය කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.

එසේ යෝජනාවක් සම්මත කළ ද අතරමග නවතා දමන ලද එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ජපානය මෙතෙක් කැමැත්තක් පළ කර නැත. නමුත් රජ‍ය මේ වනවිට ප්‍රචාරය කරන්නේ එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බවයි. කැබිනට් මණ්ඩලයේ දී අනුමත වී ඇත්තේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සාකච්ඡා නැවත සක්‍රිය කිරීමටය. එමෙන්ම යෝජනාවෙන් මෙම ගිවිසුමට එළඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට ද එම යෝජනාවෙන් අනුමත කර ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා අනුමත කළ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ දී අතහැර දමන ලද එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට නම් ජපානය ඒ සඳහා එකඟතාව ප්‍රකාශ කළ යුතුය.

Related articles

spot_img
error: Content is protected !!