26.8 C
Galle

කුරුණෑගල, කම්හල් තුනක් විනාශයි

Published:

කුරුණෑගල, හෙරළියාවල කර්මාන්තපුරයේ සිටි කර්මාන්තශාලා තුනක් ගින්නකින් මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස විනාශ වි ඇත්තේ එකිනෙකට යාබදව පිහිටි, පින්තූර රාමු නිපදවන කර්මාන්තශාලාවක්, පාවහන් නිෂ්පාදන කම්හළක් සහ රෙදි නිෂ්පාදන කම්හළකි.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා තිබිණි.

ගින්න හටගෙන ඇත්තේ පින්තූර රාමු නිෂ්පාදන කම්හළෙන් බව ද පොලිසිය පවසයි.

මෙම ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති අතර සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නැත.

Related articles

spot_img
error: Content is protected !!