26.8 C
Galle

වන අලි ප්‍රහාරයෙන් හාමුදුරුවෝ අපවත් වෙති

Published:

වන අලියකු පහරදීම හේතුවෙන්  අද (05) අලුයම බෞද්ධ භික්ෂුවක් අපවත් වූ බව පුලස්තිපුර පොලිසිය කියයි

මෙලෙස අපවත්ව ඇත්තේ සෝමාවතිය වන්දනා කිරීමට ගම්පහ දොම්පේ ප්‍රදේශයේ සිට පැමිණි, ගිරිතලේ මෛත්‍රී (40) නමැති ආරණ්‍යවාසී භික්ෂුවකි.

පසුගිය 03 වැනි දා සෝමාවතී පුදබිමට පැමිණ නවතැන්ගත් භික්ෂුව අද අලුයම ආපසු පා ගමනින් ම වැඩමකරමින් සිටිය දී අලි ප්‍රහාරයට ගොදුරු වී ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත. වන අලියා පහර දී ඇත්තේ සුංගාවිල වනජීවී බීට්ටු කාර්යාලය අසළ දී ය.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය සඳහා දේහය පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!