26.8 C
Galle

ඇසේ සැත්කමකට සිහිනැති කළ කාන්තාවක් මියයයි. නිර්වින්දන ඖෂධයේ ගැටලුවක් යැයි චෝදනා

Published:

ඇසේ ශල්‍යකර්මයක් සිදුකිරීමට රෝහල්ගත වූ කාන්තාවක යළි සිහිය නොලබා ම මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි එච්.ජී.හිමාලි ප්‍රියදර්ශනී නමැති 35 හැවිරිදි දෙදරු මවකි.

ඇසේ කාචයක් දැමීම සඳහා කොළඹ අක්ෂි රෝහලෙන් සැත්කමක් කරගැනීමෙන් පසු ඇසේ ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඇය පසුගිය 04 වැනි දා නැවත කොළඹ අක්ෂි රෝහලට ගොස් ඇති අතර එහි දී වෛද්‍යවරුන් පවසා ඇත්තේ වහාම නැවත ඇසේ සැත්කමක් කළයුතු බැවින් එදිනම රෝහල්ගත වන ලෙසයි.

ඒ අනුව 04 වැනි දා රෝහල්ගත වූ ඇයගේ ඇසට ඊයේ (05) නැවත ශල්‍යකර්මයක් සිදුකර තිබේ.

එම සැත්කම සිදුකිරීමෙන් පසු ඇයට සිහිය නොලැබුණු බවත්, ඇය මියගොස් ඇති බවත් වෛද්‍යවරු විසින් ඥාතීන්ට පවසා ඇත.

ඥාතීන් චෝදනා කරන්නේ සැත්කම සිදුකිරීමට සඳහා සිහිනැතිකිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය හේතුවෙන් මේ මරණය සිදුව ඇතැයි බලවත් සැකයක් පවතින බවයි.

පේරාදෙණිය ළමා රෝහලෙහි කුඩා දරුවෙකු මියයෑමට සහ සංකූලතා පිළිබඳ රෝහල් රැසකින් පැමිණිලි ලැබී ඇති ප්‍රොපෆෝල් ඖෂධය මෙම  කාන්තාව නිර්වින්දනය සඳාහා භාවිතා කර ඇති බවට ද වාර්ථා වේ.

Related articles

spot_img
error: Content is protected !!