27.1 C
Galle

පොලිස්පති ධූරයට, හිටපු පොලිස්පති පත්කරයි

Published:

හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්නට තවත් මාස 03ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔහු නැවත හෙට (09) හෝ සඳුදා (10) හෝ සේවයට වාර්තා කිරීමට නියමිතව තිබේ.

ඔහු පසුගිය මාර්තු 25 වැනි දා විශ්‍රාම ගැනීමට නියමිතව තිබිය දී මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර එය පසුගිය ජුනි මස 25 වැනි දා අවසන්විය. නැවත සේවා දිගු නොකිරීම සහ නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් ජුනි මස 26 වැනි දා සිට අද (08) දක්වා ම ශ්‍රී ලංකාවේ පොලිස්පති ධූරය හිස්ව පැවතියේය.

මේ වනවිට පොලිස්පති ධූරය සඳහා නම් කිහිපයක් ම ඉදිරිපත් වී ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තර තරඟයක් ද නිර්මාණය වී තිබේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මේ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක වැඩපිළිවෙළක් ද පවත්වාගෙන යන ආකාරය නිරීක්ෂණය වී ඇත.

එවැනි තත්වයක් තුළ හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!