27.1 C
Galle

සෙල්ලම, ලෙල්ලම වී 10 හැවිරිදි දරුවා මරුට

Published:

එකට සෙල්ලම් කරමින් සිටිය දී දැරියක විසින් දමා ගැසූ යකඩ කූරක් වැදී පාලස් සිසුවකු මියගොස් ඇතැයි කටාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, කටුවාපිටියේ පදිංචිව සිටි ජී.එස්.වෙනුරුවන් රන්දික නමැති වයස අවුරුදු 10ක පාසල් සිසුවෙකි.

එම සිසුවාගේ මරණයට හේතු වූ යකඩ කූර දමා ගැසූ බවට සැකපිට 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ළමා නිවාසයක රඳවා ඇත.

පොලිසිය පවසන්නේ යකඩකූර නළලේ වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි පාසල් සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි.  

Related articles

spot_img
error: Content is protected !!