27.8 C
Galle

සාමණේර හිමිවරු තිදෙනකුට අතවර කළැයි, හාමුදුරුවෝ රිමාන්ඩ්

Published:

නාවලපිටි‍යේ විහාරස්ථානයක දී සාමණේර හිමිවරු තිදෙනකු අපයෝජනය කළා යැයි සැකපිට එම විහාරස්ථානයේ වැඩ සිටි බෞද්ධ භික්ෂුවක් ලබන 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නාවලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් හර්ෂණ රාජකරුණා නියෝග කළාය.

මෙලෙස අපයෝජනයට ලක්වී ඇති සාමණේර භික්ෂූන් වහන්සේලා සහ එම විහාරස්ථානයේ සිටින අනෙකුත් සාමණේර භික්ෂූණ් ද නාවලපිටිය දිස්ත්‍රික් මහ ‍රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය යොමු කළාය.

මෙම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය විසිනි. එම භික්ෂුව නාවලපිටිය, ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය අභියස විහාරස්ථානයක සිටිමින් සාමණේර හිමිවරුන් අප‍යෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!