26.9 C
Galle

ගුරු විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල කරනවා යැයි ඇමති කියයි

Published:

ගුරු විද්‍යාපීඨ සියල්ල, විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මේ වනවිට විද්‍යාපීඨ 19ක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇත.

විද්‍යාපීඨ සඳහා දැනට බඳවා ගන්නේ වසර 03ක පාඨමාලාවක් සඳහා වුව ද ඉදිරියේ දී පාඨමාලා කාලය වසර 04ක් දක්වා දීර්ඝ කරන බව ද අමාත්‍යවරයා කීවේය. එමගින් ඉදිරියේ දී උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල්වලට බඳවාගැනීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවත් නමුත් ශිෂ්‍ය සංගම් බිහිකිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!