26.9 C
Galle

විදෙස් මුදල් ගනුදෙනු කළ සමාගම් 15ක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

Published:

මූල්‍ය ගනුදෙනු සිදුකරන ලද සමාගම් 15ක බලපත්‍ර අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, තවදුරටත් එම සමාගම් සමග තවදුරටත් ‍විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සළකන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම සමාගම් වෙත 2022 වර්ෂයේ නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසිවලට අනුකූල නොවීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇත. ශ්‍රී ලකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය එම සමාගම් වෙත 2023 පෙබරවාරි 22 වැනි දින දැනුම් දී ඇති බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේ බලපත්‍ර අවලංගු කරන ලද සමාගම් ලේඛනය පහතින් දක්වා ඇත.  

Related articles

spot_img
error: Content is protected !!